දිනපතා යාඥාව උදෙසා බයිබල් පද
නුඹේ සිතින් මාගේ ආඥා රක්ෂාකරපන්න.
මාගේ පුත්‍රය,
මාගේ උපදෙස් සිහිනැති නොකර, නුඹේ සිතින් මාගේ ආඥා රක්ෂාකරපන්න.
මක්නිසාද එයින් දවස් ගණන ද, ජිවිතයේ අවුරුදු ද, සමාදානය ද, නුඹට වැඩිවන්නේය.
කරුණාව සහ සත්‍යවාදී කම නුඹෙන් පහනොවේවා.
ඒවා නුඹේ ගෙල වටේ බැඳ ගනින්න.
නුඹේ සිත නමැති පුවරුවේ ඒවා ලියා ගනින්න.
එවිට නුඹ දෙවියන්වහන්සේගේ ද,
මනුෂ්‍යයන්ගේ ඇස් හමුයෙහි කරුණාවත් යහපත් කීර්තියත් ලබනවා ඇත.
-හිතෝපදේශ 3 1-18
දෙවියන්වහන්සේගේ වචනය වෙත ස්වල්ප මොහොතක් ඔබගේ අවධානය යොමුකරන්න. උන්වහන්සේගේ වචනය
ස්වල්ප වෙලාවක් මෙනෙහි කරන්න. ඔබගේ ජීවිතය හා සමග ඒවා සංසන්දනය කර බලන්න.
උන්වහන්සේට යාඥා කරමින් සියලුදේ උන්වහන්සේට බාර දෙන්න. අවශ්‍යනම් උන්වහන්සේගෙන් පිහිට පතන්න.
නොසුදුසු දේවල් හරිගස්ස ගැනීමට උන්වහන්සේගේ කරුණාව ඉල්ලා සිටින්න. උන්වහන්සේට ස්තුති කරන්න.
උන්වහසේ කෙරෙහි විශ්වාසය තබා අදහන්න.
දෙවියන්වහන්සේගේ ආශීර්වාදය ඔබ සමග වේවා!
©2016- darmadasa.org (දර්මදාස ශුභාරංචි සේවය වෙතින් උපුටා ගන්නා ලදි.)